කුරුලෑ ගැන වද වෙනවාද? මුහුණේ කුරුලෑ හට ගැනීම, සාමාන්‍ය සමක ඇතිවන සාමාන්‍ය තත්වයක්. ඇත්තටම, මේ කුරුලෑ මගින් අපේ සමේ ඇතුලතින් තියෙන අනවශ්‍...

Home » » කුරුලෑවට .තිත - Pimple Clear

කුරුලෑවට .තිත - Pimple Clear

කුරුලෑ ගැන වද වෙනවාද?

yeheliya.lk-stop-pimples

මුහුණේ කුරුලෑ හට ගැනීම, සාමාන්‍ය සමක ඇතිවන සාමාන්‍ය තත්වයක්. ඇත්තටම, මේ කුරුලෑ මගින් අපේ සමේ ඇතුලතින් තියෙන අනවශ්‍ය දෑ පිටත දමනවා. නුමුත් මේ එන කුරුලෑ වලට බැක්ටීරියා අසාදිත වෙලා, ඒවා විශාල වී සැරව පිරී තිබෙනවානම්, ඒක ඇත්තටම ආසාධිත තත්වයක්. මෙන්න මේ ප්‍රශ්නය ගැන අපේ තරුණ තරුණියන් ගොඩක් වද වෙනවා. ඉතින් අපි බලමු, කොහොමද මේ කුරුලෑ සැදීම වලක්වා ගන්නේ, අඩු කර ගන්නේ කොහොමද කියල.
කුරුලෑ පාලනයට පුංචි tips ටිකක්

01. දිනපතා නිවැරදි අයුරෙන් සම පිරිසිදු කරන්න – මුහුණේ තෙල් ගතිය වැඩියි කියල හෝ කුරුලෑ වැඩියි කියල දිනකට වාර ගණනාවක්ම මුහුණ සෝදන්න එපා. හරි විදියට මුහුණ දෙවතාවක් සේදුවොත් ඇති කියල තමයි රුපලාවන්‍ය ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් අය කියන්නේ. හැබැයි මේ හෝදන වෙලාවට, ඔයාගේ සමට ගැලපෙන ක්ලේන්සර් එකක් භාවිතා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මුහුණ සෝදන්න කලින්, අත් හොදින් පිරිසිදු කර ගත යුතුයි. ඒ වගේම මුහුණ තදින් පිරිමදින්න එපා. මුහුණ පිසීමට පිරිසිදු ටවල් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම මුහුණේ අලේප කිරීමට ආලේපන තෝරා ගැනීමේදී “non-acne-genic” ආලේපන තෝරා ගන්න try කරන්න.

02. මී පැණි මුහුණේ ආලේප කිරීම – මී පැණි කියන්නේ බැක්ටීරියා වලට විරුද්ධව ක්‍රියා කරන දෙයක්. ඉතින් මේ මී පැණි ස්වල්පයක් මුහුණේ ආලේප කර විනාඩි 10-20 පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

03. මුහුණට හුමාලය අල්ලන්න – මුහුණට හුමාලය ඇල්ලීමෙන් පසු සිසිල් වතුරෙන් මුහුණ සෝදන්න.

04. දොඩම් යුෂ – මෙය කුරුලෑ වලට හොද පිලියමක්. දොඩම් ගෙඩියකින් දොඩම් යුෂ ගෙන එය පුළුන් කැබලි වල ගල්වා මුහුණේ ඇති කුරුලෑ උඩ ආලේප කරන්න. මෙය රෑ නින්දට යාමට පෙර සිදු කරන්න. ඊලග දින උදෑසන, ඇල් මැරුණු වතුරෙන් මුහුණ සෝදන්න. නමුත් ඔබට තියෙන්නේ ඉතා සංවේදී සමක් නම් මෙය අලේප නොකරන්න.

05. අයිස් – කුරුලෑ වල ඇති රතු ගතිය, විශාල බව ඉක්මනින් අඩු කර ගැනීමට මෙය හොද ප්‍රතිකාරයක්. රෙදි කැබැල්ලක අයිස් කැටය ඔතා, කුරුලෑ මත තත්පර කීපයක් තබාගෙන සිටින්න. මෙය කිහිප වතාවක් කරන්න. ඇත්තටම මෙමගින්, කුරුලෑ තුල ඇති අපද්‍රව්‍යද ඉවත් වේ.

06. කඩල පිටි – මී පැණි තේ හැඳි 2ක්, කහ සමඟ කඩල පිටි මේස හැඳි 3ට දමා හොදින් කලවම් කර ගන්න. ඉන්පසු මෙය පැක් එකක් ආකාරයෙන් ඔබේ මුහුණේ ආලේප කරන්න. එය හොදින් වෙලුනු පසු, ඇල්මැරුණු වතුරෙන් සෝදා හරින්න.


උපුටා ගැනීම -www.yeheliya.lk

0 Comments:

Post a Comment

GENRES

Facebook