ඔබ   නිර්මාණය   කරන   දේවල්   විකිණීම බොහෝ මිනිසුන් නිර්මාණ කරනවා.නැතහොත් ඔවුන්ට අත්කම් නිර්මාණ කිරීමේ හැකියාව හෝ කලාත්මක විනෝදා...

Home » » Design And Sell

Design And Sell

ඔබ නිර්මාණය කරන දේවල් විකිණීම



Image result for ebay sell


බොහෝ මිනිසුන් නිර්මාණ කරනවා.නැතහොත් ඔවුන්ට අත්කම් නිර්මාණ කිරීමේ හැකියාව හෝ කලාත්මක විනෝදාංශ තිබෙනවා.එම නිර්මාණ හොඳ මුදලකට විකුණා ගැනීම සඳහා e-Bay හොඳම ස්ථානයක් වෙන්න පුළුවන්.e-Bay ඔස්සේ විකිණිය හැකි භාණ්ඩ වලට උදාහරණ:-
කලා ශිල්ප - චිත්‍ර,පෝස්ටර්,අත් පිටපත්,digital arts,සිතුවම්,ඡායා පිටපත්,මූර්ති,වෙනත්.....
අත්කම් - පන්මලු,පබළු වැඩ,කාඩ්පත්,ඉටිපන්දම් හා සබන් සෑදීම,පිඟන් බඩු,වලං,ගෙත්තම්,දෑතේ මැහුම්,බෝනික්කෝ,මැහුම් සැරසිලි,රෙදිපිළි,මල් අත්කම්,වීදුරු,ඕනෑම අත්කම් භාණ්ඩයක්,අත් කැටයම්,ගෙත්තම්,රේන්ද ගෙත්තම්/රේන්ද,පලස,හම්,නූල් ගෙත්තම්,ලෝහ කර්මාන්ත,මොසයික් කලාකෘති,වූල් ගෙත්තම්,කඩදාසි අත්කම්,ඇතිරිලි,රූප අලවන ලද පොත්,මැහුම් ගෙතුම්,වියමන්,ලී වැඩ,නූල් රෑන් සහ තවත් බොහෝ දේ.....
ආභරණ - වළලු,ළමයින්ගේ ආභරණ,කරාබු,හිසේ පළදින ආභරණ සහ අත්කම් නිර්මාණ,ආභරණ බහාලන පෙට්ටි,කොණ්ඩ කටු,මුදු,පබළු,හාරිච්චි කටු සහ තවත් බොහෝ දේ.....
ඇඳුම් ආයිත්තම් - අතින් කරන ලද විලාසිතා ආම්පන්න,අත් බෑග්,පසුම්බි සහ තවත් බොහෝ දේ…..
නිවෙස් සහ ගෙවත්තට අදාළ දේ - නිවාස හා ගෙවතු අලංකරණ භාණ්ඩ,බිත්ති සැරසිලි,ඇඳ ඇතිරිලි,කොමු පිළි (ලිනන්),කොට්ට,බුමුතුරුණු,ගෘහ භාණ්ඩ,උළු සහ තවත් බොහෝ දේ.....
මේ සීමිත ලැයිස්තුවකි.ඉහත සඳහන් ද්‍රව්‍ය ඔබ නිර්මාණය කරනවා නම්,ඇයි e-Bay ඔබේ අත්කම් වෙළඳ පොළ ලෙස පාවිච්චි නොකරන්නේ?
                                                ලොව වට සිටින 1,300,000 ක් මිනිස්සු e-Bay ඔවුන්ගේ සාමාන්‍ය ආදායම් මාර්ගය ලෙස භාවිතා කරන බවට AC-Nielsen වාර්තාව සාක්ෂි දරනවා.සාමාන්‍යයෙන් අර්ධ කාලීන පදනම මත වෙළඳ කටයුතු කරන්නන් මෙමෙ වාර්තාවට අන්තර්ගත නොවන අතර ඔවුන්ගේ ප්‍රමාණය ඉතා ඉහළය.මිනිසුන් විශාල ගණනක් e-Bay ව්‍යාපාර වලින් හොඳ ලාභ ලබනවා.විකිණිය හැකි භාණ්ඩ සොයා ගැනීම තනිකරම ඔබේ හැකියාව මත රඳවා පවතිනවා. ඔබේ හොඳ බඩු වලට නොකඩවාම ලාභ ලැබෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබට විශාල මුදලක් ලැබෙනවා. සංඛ්‍යා 3-5 ත් අතර මුදලක් ඔබට මසකදී උපයන්න පුළුවන්.
සමහර බලවත්  වෘත්තීය වෙළෙන්දන් මසකට සංඛ්‍යා 6-7 ත් අතර මුදලක් උපයනවා,සෑම මසකම එලෙස උපයනවා.නමුත් ඍජුවම මෙම ක්‍රමය මගින් එසේ උපයන්නේ 1% ක් වන අතර ඉතිරි 99% ක් දෙනා එසේ උපයන්නේ නෑ.
                                නිවසේ සිට e-Bay ඔස්සේ ව්‍යාපාර කරන මිනිස්ය්න් දහසකින් සිය ගණනක්,ඔවුන්ගේ දහවල් රැකියාව අතහැර e-Bay ව්‍යාපාරයෙන් පමණක් සතුටින් ජීවත් වෙනවා.තවත් බොහෝ දෙනෙක් ඔවුන්ගේ ප්‍රධාන රැකියාව කරගෙන යන අතරතුර මෙය ද්විතීයික ආදායම් මාර්ගයක් ලෙස පවත්වා ගෙන යනවා.
මුදල් ලබා ගන්නේ කෙසේද?
                                ඔබේ විකිණුම් සඳහා ගෙවීම් කරන ඉතා සාමාන්‍ය ආකාරය paypal ගිණුම හරහා ගෙවීමයි.කෙසේ වුවත් credit card හරහා,බැංකු හුවමාරු,තැපැල් ඇනවුම් හෝ පරණ තාලෙටම අත්පිට මුදලට ගැනුම්කරුවන්ගෙන් මුදල් ලබා ගන්න පුළුවන්.
ඇත්තෙන්ම කළ යුතු හෝ නොකළයුතු ගෙවීම් ක්රමය කුමක්දැයි ඔබ තීරණය කළ යුතුයි.
වියදම් වෙනවද?                            
පහත දැක්වෙන ඒවා සඳහා e-Bay වෙත ගාස්තුවක් ගෙවීම අත්‍යවශ්‍යයි.
ඇතුළු වීමේ ගාස්තු - විකිණීම සඳහා භාණ්ඩයක් තැපැල් කිරීමට.(භාණ්ඩයකට ඩොලර් 0.1 සිට පටන් ගනී.)
අවසන් වටිනාකම් ගාස්තුව - ඔබ ප්‍රචාරය කරන ලද භාණ්ඩය විකිණී ඇත්නම් පමණක් ගෙවනු ලබන ගාස්තුවක් (නිමි අගයෙන් 8.75% සිට ආරම්භ වෙනවා.)
කොහොමද පටන් ගන්නේ?
                                ඉතා සරලයි. e-Bay වෙත ගොස්, ඔබම ලියාපදිංචි වී විකිණීම සඳහා භාණ්ඩ ලැයිස්තුගත කරන්න.
***********************

0 Comments:

Post a Comment

GENRES

Facebook