e-Bay ඔස්සේ බඩු බාහිරාදිය විකිණීමෙන් මුදල් උපයන අයුරු -1 එය පූර්ණ කාලීන, අර්ධ කාලීන හෝ අමතර කාලීන පදනම මත සිදු කළ හැකියි.  ඔබ‍ට එය පි...

Home » » Selling On Ebay And Earn Money

Selling On Ebay And Earn Money

e-Bay ඔස්සේ බඩු බාහිරාදිය විකිණීමෙන් මුදල් උපයන අයුරු -1



Image result for ebay sell

එය පූර්ණ කාලීන, අර්ධ කාලීන හෝ අමතර කාලීන පදනම මත සිදු කළ හැකියි.  ඔබ‍ට එය පියවරෙන් පියවර, ක්‍රමක්‍රමයෙන්, හෙමින් සැරේ දියුණු කරගන්න පුළුවන්. ඉන්පසු ඔබ ඔබේම පියවර සකස් කරගන්න.
එය ඉක්මනින් කදිම, අර්ධකාලීන රැකියාවක් බවට පත් කරගන්න පුළුවන්. පූර්ණකාලීනව එය අමතර ආදායම් මාර්ගයක් හෝ  ප්‍රධාන ආදායම් මාර්ගයක් කරගන්න පුළුවන්. තවදුරටත් ප්‍රයෝජනවත් නොවන හෝ අවශ්‍ය නොවන භාණ්ඩ ඕනෑම කෙනෙකුගේ ගෙදර තියෙන්න පුළුවන්. එසේම ඒවා e-Bay ඔස්සේ විකිණීමෙන් හොඳ මුදලක් ලබාගන්න පුළුවන්.
                e-Bay ඔස්සේ යන අයගෙන් වැඩි දෙනෙක් සාර්ථකයි. ඔබ සතු භාණ්ඩ හොඳ නම් ඔබ අසමත් වීමට ඇති ඉඩකඩ ඉතාම අඩුයි. ලෝකය පුරා සිටින මිලියන ගණනක් සාමාන්‍ය ජනතාව අන්තර්ජාලයේ භාණ්ඩ විකිණීම සඳහා වේදිකාවක් හා අඛණ්ඩ ආදායම් මාර්ගයක් ලෙස e-Bay භාවිතා කරනවා.
  e-Bay යනු ප්‍රායෝගිකව ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් (වෙන්දේසි හෝ ස්ථාවර මිලක් සහිත විකිණුම් හරහා ) එවෙලේම මිලදී ගැනීමට හෝ විකිණීමට ඉඩකඩ ඇති 1995 දී පිහිටුවන ලද කඩමණ්ඩියක්.
  ඇමෙරිකාවේ වැඩිපුරම නරඹන වෙබ් අඩවිවලින් 7 වන ස්ථානයේ සිටින්නේ e-Bay ය. (Yahoo, Google, Myspace, Youtube&MSN වලට පසුව)
  ආසන්න වශයෙන් ලොව පුරා සිටින මිලියන 1.3 ක් පමණ ජනතාව ඔවුන්ගේ මූලික හෝ ද්විතීයික ආදායම් මාර්ගය ලෙස e-Bay පාවිච්චි කරනවා.(AC Nielsen ජාත්‍යන්තර සමීක්ෂණය)
  2006 දී, e-Bay ඔස්සේ සාර්ථකව විකුණන ලද භාණ්ඩ වල මුළු වටිනාකම US dollar බිලියන 52 කට අධික වුණා.
  ඕනෑම දෙන ලද කාලයකදී e-Bay හි ලැයිස්තුගත වන නිෂ්පාදන (වර්ග 50000k යටතේ) මිලියන 100 කට ආසන්න වෙනවා. එසේම සෑම දිනකම මිලියන 6.4 ක් පමණ අලුත් ලැයිස්තු එක් වෙනවා.
                මේ තියෙන්නේ e-Bay ඔස්සේ සෑම දිනකම අලුතෙන් ලැයිස්තුගත වන වඩාත් ජනප්‍රිය අලුත්ම හෝ වරක් පාවිච්චි කරන ලද බඩු වර්ග කිහිපයකි.
පොත්.
විදුලි උපකරණ.
සෙල්ලම් බඩු හා ක්‍රීඩා භාණ්ඩ.
එකතු කිරීම්.
 ව්‍යාපාර හා කාර්මික ද්‍රව්‍ය.
සැපයුම් හා උපකරණ.
කාසි හා මුද්දර .
සෞඛ්‍ය හා රූපලාවන්‍ය ද්‍රව්‍ය.
සංගීත භාණ්ඩ .
චාරිකා .
ඇදුම්, සපත්තු හා විලාසිතා ආම්පන්න .
ගෘහ භාණ්ඩ.
පූරා වස්තු .
කලාකෘති .
Digital කැමරා හා ආම්පන්න .
චිත්‍රපට .
ගෘහ ගෙවතු උපකරණ .
වළන් බඩු හා වීදුරු බඩු.
video games .
පරිඝනක.
සංගීතය.
 ජංගම දුරකථන .
ළදරු නිෂ්පාදන.
වාහන අමතර කොටස්.
සිහිකටයුතු දේ .
ආභරණ හා ඔරලෝසු.

e-Bay යනු ලොව අග තැන්පත් අන්තර්ජාල වෙළඳ වෙබ් අඩවියකි. එය එසේ වන්නේ එක් සරල හේතුවක් නිසා. එනම්, ඔබට එහිදී ඕනෑම දෙයක් සොයා ගත හැකි වීම. මිනිසුන්ට ඔවුන්ගේ නිවෙස්වලට හෝ ව්‍යාපාරය සඳහා අලුත්ම හෝ පාවිච්චි කරන ලද දෙයක් ඔවුන් විසින්ම මිලදී ගැනීමට අවශ්‍ය වූ විට, ඔවුන් දන්නවා බොහොම හොඳ මිලකට e-Bay ඔස්සේ එය සොයා ගත හැකි බව.
e-Bay ඔස්සේ මුදල් ඉපයිය හැක්කේ කෙසේද?


            
 1    ඔබේ නිවසේ අනවශ් බඩු විකීණීම.

                රහසිගත පුද්ගලයන්ට, ආධුනිකයන්ට සහ අන්තර්ජාලයෙන් වෙළදාම් කිරීමේ කිසිදු පළපුරුද්දක් නැති පුද්ගලයන්ට මෙම උපාය විශිෂ්ටයි. එයින් පළපුරුද්දක් නැති පුද්ගලයන්ට කිසිම අවදානමක් හෝ බරපතළ වියදම් රහිතව කටයුතු කිරීමට ඉඩ ලැබෙනවා. පසුව ඔවුන් ඔවුන්ගේ විකිණුම් ධාරිතාව වැඩි කරගන්නවත් සමගම, තව තවත් අත්දැකීම්, විශ්වාසය, මුදල් (ඔවුන් කැමති නම්)එය ඔවුන්ගේ පූර්ණ කාලීන ආදායම් මාර්ගය බවට හරවා ගැනීමට අවශ්‍ය මෙවලම් ද වැඩිකරගන්න පුළුවන්.
මට අන්තර්ජාලයෙන් විකිණිය හැකි ගේ-දොර භාණ්ඩ මොනවද?
                      

හරිම සරලයි. ඔබ කවදාවත් පාවිච්චි නොකළ හෝ ආයෙත් කවදාවත් පාවිච්චි නොකරන ඇඳුම් ඔබට තිබෙනවද? අනිවාර්යයෙන්ම ඇති. නොවටිනා පොත්, සංගීත භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, සෙල්ලම් බඩු, ළදරු භාණ්ඩ හෝඔබ හදිස්සියෙන් අල්ලන ඔබේ ගබඩාවේ දූවිලි අල්ලමින් පවතින වෙනත් ප්‍රයෝජනට ගත හැකි අඩු වැඩිය ඔබට තිබෙනවද?
                   සෑම කෙනෙක්ටම ඔහුගේ/ඇයගේ නිවසෙහි මෙවැනි භාණ්ඩ අඩුම තරමේ 10 ක් වත් තිබෙනවා. සමහරුන්ට මෙවැනි භාණ්ඩ සිය ගණන් තිබෙනවා. වැඩකට නැති සුන්බුන් ලෙස ඔවුන්ට පෙනෙන බොහෝ දේ සල්ලිවලට හරවා ගත හැකි බව අවබෝධ කරනොගත් සමහරුන්ට මෙවැනි භාණ්ඩ සිය ගණන් තිබෙනවා.
එය ක්‍රියා කරන්නේ කොහොමද?
                 වැඩි කලක් පාවිච්චි නොකළ, අයෙත් කවදාවත් පාවිච්චියට නොගන්නවා'යැයි සිතෙන භාණ්ඩ තිබේදැයි නිවසේ සොයන්න. මෙම සැඟවුණු නිධානය සෙවීම පටන් ගන්න හොඳ ස්ථාන කිහිපයක් තමයි, අටුව, ගබඩා ගෙය, රහස් ගබඩාව, යටමාලය, ගරාජය, පිටත අංගනය.
අරඹන ආකාරය:-
  e-Bay හි සාමාජිකයෙක් ලෙස සම්බන්ධ වන්න. ඔබ විකිණීම සඳහා දැනට ඇති භාණ්ඩ ලැයිස්තු ගත කරන විට e-Bay වෙත ගාස්තුවක් ගෙවන්න.
  e-Bay හි ඔවුන්ගේ වෙබ් අඩවිය ක්‍රියා කරන ආකාරය, ලැයිස්තුගත කිරීම පටන් ගන්න ආකාරය සහ විකුණන ආකාරය ගැන ඇති මූලික පාඩම් කියවන්න. මෙම පාඩම් වලට කිසිදු අයකිරීමක් නොකරන අතර ඔබ පටන් ගත යුතු පිළිවෙල ගැන මූලික දැනුමක් මෙමගින් ලබා දෙනවා.
  ඔබේ නිවසේ යම් කිසි දෙයක් විකුනන්න. ඕනෑම දෙයක්. පහුණු වීමේ අරමුණින් භාණ්ඩ 2 ක් විකිණීම සඳහා ලයිස්තුගත කරන්න.
  කාර්මික පැත්ත ගැන අත්දැකීම් ටිකක් ලබාගැනීම සඳහා, ක්‍රියාවලිය හොඳින් තේරුම් ගැනීමට ඉගෙන ගැනීම සඳහා, පද්ධතිය ගැන සුවපහසුවක් දැනෙන සන්ධිස්ථානයකට ලඟා වීම සඳහා කුඩා විකිණුම් කිහිපයක් කරන්න.
  ඔබ සහ e-Bay අඩවිය අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩ නැගී ඇතැයි සිතුනාට පසුව සහ අත්දැකීම් ටිකක් ලබාගත්තාට පසුව ඔබේ තරමක් වටිනා බඩු ලැයිස්තුගත කිරීම පටන් ගන්න.


2   එකතු කිරීම් විකිණීමෙන් මුදල් ඉපයීම
                                සමහර බය හිතෙන, තැති ගැන්වෙන ශබ්ද පවා එකතු කිරීම් විය හැක. Picasso ගේ චිත්‍රයක මුල් පිටපතක් හෝ සැබවින්ම දුර්ලභ පැරණි කාසියක් හා දැනට සොයාගන්නට වත් නොමැති මේවායින් එකක් ඔබේම කරගන්නා අවස්ථාව ගැන සිතන්න.
              කෙසේවුවත්, මෙම සාමාන්‍ය මත පැමිණෙන්නේ එක් ප්‍රධාන කාරණාවකින්. එනම්, ඇතැම් අයගේ නොදැනුවත්කම. මෙය ප්‍රවේශමෙන් කියවන්න. ඔබ ඔබ නොදැනුවත්ව ඔබට සමහර භාණ්ඩ අඩු ගණනක් වත් තිබෙනවා වෙන්නට පුළුවන්. ඔබේ දෙමාපියන් ලඟ හොඳ මුදලකට විකිණිය හැකි මෙවැනි එකතු කිරීම් ටොන් ගණනක් තියෙනවා වෙන්නට පුළුවන්.  ඔබේ වයස නොතකන නිසාදෝ ඔවුන් ඒ ගැන දැනුවත් නෑ. හේතුව ඔවුන් මේ භාණ්ඩ එකතු කිරීම් ලෙස නොදැකීමයි.
              මෙම උපදෙස් පිළිපැදීමෙන් අනතුරුව, e-Bay හි එකතු කිරීම් ප්‍රවර්ගය දෙස හොඳ බැල්මක් හෙළන්න. මිනිසුන් ඔවුන්ගේ පෞද්ගලික එකතු කිරීම් සඳහා e-Bay ඔස්සේ මිලදී ගන්නා උප වර්ග, උප-උප වර්ග සියල්ලක්ම එහි ඇතුලත් වෙනවා.
                  සමහර භාණ්ඩ (සහ ඔවුන් එහි ලැයිස්තුගත කරන ලද වර්ග) ඔබව පුදුම කරාවි. එසේම ඒවා විකුණන මිල ඔබව කම්පනයට පවා පත් කිරීමට පුළුවන්. කෙසේවුවත් එමගින් ඔබට මුදල් උපයා
දුන්නොත් එම කම්පනය ධනාත්මක කම්පනයක් වේවි.

0 Comments:

Post a Comment

GENRES

Facebook