විද්‍යුත් තැපැල් පණිවුඩ කියවීමෙන් මුදල් ඉපයීම අනුග්‍රාහක විද්‍යුත් තැපැල් පණිවුඩ (sponsored E-mail) කියවීමෙන් මුදල් ඉපයීම          සමහර ...

Home » » විද්‍යුත් තැපැල් පණිවුඩ කියවීමෙන් මුදල් ඉපයීම

විද්‍යුත් තැපැල් පණිවුඩ කියවීමෙන් මුදල් ඉපයීම

විද්‍යුත් තැපැල් පණිවුඩ කියවීමෙන් මුදල් ඉපයීම


අනුග්‍රාහක විද්‍යුත් තැපැල් පණිවුඩ (sponsored E-mail) කියවීමෙන් මුදල් ඉපයීම
         සමහර අන්තර්ජාල සමාගම් අනුග්‍රාහක දැන්වීම් ලබාගැනීම හා කියවීම වෙනුවෙන් ඔවුන්ගේ විද්‍යුත් තැපැල් පණිවුඩ හරහා භාවිතා කරන්නන්නට මුදල් ගෙවයි.
මුදල් ගෙවන E-mail යනු මොනවද?
                කියවන ලද E-mail සඳහා මුදල් ගෙවන වැඩසටහන් මගින් ඔවුන්ගේ සාමාජිකයින්ට මුදල් ඉපයීමට අවස්ථාව සලසා දෙයි.  මෙම දැන්වීම්වල අන්තර්ගත වන්නේ වාණිජ්‍යයට දිශානත වූ තොරතුරු හා විවිධ නිෂ්පාදන හා සේවා පිලිබඳ දැන්වීම්ය.
                භාවිතා කරන්නා කළ යුතු වන්නේ ඒවා කියවීම සහ අනතුරුව පිළිතුර දීම,ස්ථිර කිරීමේ (confirmation) link මත click  කිරීම, වෙබ් අඩවියක සැරිසැරීම හෝ කෙටි ප්‍රතිපෝෂණ ආකෘති(Short Feedback Form) පුරවා දැමීමයි.
එය ක්රියා කරන්නේ කෙසේද?
             "කියවීමට ගෙවීම" (paid to read) සේවාවන් මගින් දැන්වීම්කරුවන් සහ තමන්ගේ පෞද්ගලික පරිඝනක භාවිතයෙන් අතිරේක ආදායමක් උපයා ගැනීමට අවශ්‍ය අන්තර්ජාල භාවිතා කරන්නන් සම්බන්ධ කරයි.තමන්ගේ වෙළඳ පණිවුඩ සඳහා ඉක්මන් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට දැන්වීම්කරුවන් කැමැත්තක් දක්වනවා. ප්‍රසිද්ධ කරවීම් සහ කියවීම් කාලය වෙනුවෙන් භාවිතා කරන්නන්ට ප්‍රතිඵල හා ත්‍යාග ලැබෙනවා.
මූල්‍යමය තෑගි වෙනුවෙන් සෙවුම්කරුවන් spam කිරීමට ලක්වීමට කැමති වන අවස්ථාවලදී, මූලිකවම මෙම පද්ධතිය අඩු හෝ වැඩි වශයෙන් අනුමැතිය පාදක කරගත් spam කිරීම් (“permission-based spam” )ලෙස ක්‍රියා කරයි. මක්නිසාද යත් දැනට ඇති පෞද්ගලික Inbox එක වෙනුවට සියලු අනවශ්‍ය පණිවුඩ යන Gmail, hotmail, Yahoo වැනි මුදල් ගෙවීමට අවශ්‍ය නැති අන්තර්ජාල සේවාවක් මගින් නවතම mailbox එකක් විවෘත කිරීම නුවණට හුරු නිසයි.
දිනකදී කොපමණ E-mail ප්රමාණයක් ඒවිද?
සරල පිළිතුරක් නැත.
එය සමාගමෙන් සමාගමට වෙනස් වන අතර ඔබේ user profile එකෙහි අන්තර්ගත කරන පෞද්ගලික තේරීම් මත එය රඳවා පවතී.
ඇත්තෙන්ම කොපමණ ඉපයිය හැකිද?
එය විවිධ හේතුන් මත රඳා පවතී.
ඔබ සම්බන්ධ වන කියවන ලද E-mail වලට ගෙවන වෙබ් අඩවි වැඩි වන තරමට (ඔබ sign-up වන සේවාවන් වැඩිවන තරමට) වැඩි මුදලක් ඔබට ඉපයිය හැකියි.
දැන්වීම්කරුවන්ගේ අනුග්‍රාහක E-mail කියවමින් ඔබ ඔබේ පෞද්ගලික පරිඝනකයේ ගත කරන කාලය.
සෑම E-mail එකක් සඳහාම දන්වීම්කරුවා විසින් ඔබට කොපමණ මුදල් ප්‍රමාණයක් ගෙවනවාද යන්න.
ඔබ භාවිතා කරන සේවාවට යහළුවන් කීදෙනෙක් අදාළ වෙනවාද යන්න. ඔබට බොහෝ දෙනෙක් අදාළ කරගත හැකි නම් නිසැකවම ඔබේ ඉපයීම් මට්ටම වැඩි දියුණු කරගත හැකියි.
සාමාන්‍යයෙන් ඔබ කියවන සෑම E-mail එකකටම ඩොලර් 0.01-0.05 ක් පමණ ඔබට ලැබෙන නමුත් සමහරු ඊට වැඩියෙන් ගෙවනවා. භාවිතා කරන්නන්ගෙන් 95%ක් මාසයකට ඩොලර් 75-150 කට වඩා උපයන්නේ නෑ. (මහන්සි වී වැඩ කරන) ඉතිරි 5% දෙනා වැඩියෙන් උපයනවා.
                                                මෙම ක්‍රමය පාවිච්චි කරන පුද්ගලයන්ගෙන් 95% ක් පමණ එසේ කරන්නේ නෑ.මුදල් ගෙවන E-mail වැඩසටහනකට සහභාගී වීමෙන් අතිරේක මුදලක් උපයා ගැනීමට හැකි වුවත් එය පූර්ණ කාලීන ආදායමකට සමාන කළ නොහැකියි.
කොහොමද මුදල් ලබාගන්නේ?
        සාමාන්‍යයෙන්,චෙක් පතක් හෝ paypal එකක් හරහා ඔබට ගෙවීම් කරනවා.
වියදම් වෙනවාද?
            නැහැ, කිසිවකට ගෙවීමට සිදු වන්නේ නෑ.
කියවන ලද E-mail වලට මුදල් ගෙවන වෙබ් අඩවිවලට උදාහරණ:-
          ඔබට ආරම්භ කළ හැකි (paid to read) සමාගම් කිහිපයකට උදාහරණ පහත දැක්වේ.ඒවා පරීක්ෂා කිරීමටත්,එය ඔබට ප්‍රයෝජනවත් වන ආකාරය සොයා බැලීමටත් ඔවුන් ඔබට බලය දෙනවා.
සියලු පිරිනැමීම් 100% ක් නොමිලේ.
http://www.sendearnings.com/
http://www.cash4offers.com/
http://www.sunshinerewards.com/


e-Bay ඔස්සේ අපට විකිණිය හැක්කේ කුමන ආකාරයේ එකතු කිරීම්ද?
                පැරණි වාර්තා සහ පොත්, ඔබේ පැරණි ඇඳුම්, ඔබේ කුඩා කල මතක සටහන්, මුද්දර, කාසි, බෝනික්කන්, pez dispensers නම් වූ කුඩා සෙල්ලම් බඩු, හාස්‍යජනක දේ, සැමරුම් භාණ්ඩ සහ තවත් සෙවීමට අපහසු බොහෝ භාණ්ඩ එකතු කිරීම් වෙන්න පුළුවන්. පරණ විලාසිතාවල භාණ්ඩ ඉක්මන් හා කදිම මිලකට විකුණන්න පුළුවන්. පරණ විලාසිතාවල ඇඳුම්, දැන්වීම් කොළ, ආභරණ, ඔරලෝසු, සෙල්ලම් බඩු, ප්‍රචාරක භාණ්ඩ, පෑන්, හමුදාවට අදාළ භාණ්ඩ, පරණ රේඩියෝ, තැපැල්පත්, ආගමික භාණ්ඩ, අළු බඳුන්, පරණ මෙවලම් සහ තවත් බොහෝ දේ.
පරණ භාණ්ඩ ලෙස සුදුසුකම් ලබන්නේ මොනවද?
                                පරණ දේවල් මොනවාදැයි අර්ථ දැක්වීම ඉතා අපහසුයි. කෙසේ වුවත් ඔබ සතුව 80 ගණන්වල භාණ්ඩ ඇත්නම් (ඒවා 70 ගණන්වල, 60 ගණන්වල, 50 ගණන්වල හෝ ඊටත් පැරණි යැයි සඳහන් නොකරන්න) ඔබ හොඳ ආරම්භයක සිටිනවා.
භාණ්ඩ විකිණේවිද? ඒ කොපමණ මුදලකටද? කියා දැනගන්නේ කෙසේද?
ඇත්තෙන්ම ඒවා ලැයිස්තුගත කරන්න කලින් ඔබට ඒ ගැන නිසැකව දැනගන්න බෑ.
කෙසේ වුවත් ඔබට හොඳ අදහසක් දිය හැකි යමක් තිබෙනවා. එනම්, අපි සිතමු ඔබට පරණ රේඩියෝවක් තිබෙනවා, එසේම එය e-Bay ඔස්සේ විකුණන විට ඔබට ලැබෙන වාසි හා අවාසි,දන ගැනීමට අවශ්‍යයි කියල. ඔබ කල යුතු එකම දේ e-Bay හි රේඩියෝ වර්ගය වෙත ගොස් වටේටම ඉව ඇල්ලීමයි.
ඔබ යම්කිසි වර්ගයක් Brows කිරීමේදී පහත ප්‍රශ්න ඔබගෙන්ම අසන්න.
සැබෑ ගැනුම්කරුවන් ලංසු තබන භාණ්ඩ කොපමණ තිබේද?
                                සැබෑ ඉල්ලුමක් ඇත්තේ මේ මේ වර්ගයේ භාණ්ඩ වලට යැයි එයින් ඔබට දැනුමක් ලබා දෙනවා.


මෙවැනි බඩුවලින් ඉහල ගණන්වල ලංසු ඇති වෙනවාද?
                                ලංසු වැඩිවීම = ලාභය වැඩිවීම = ඉල්ලුම වැඩි වීම = ඉහල ශුද්ධ ලාභය
වෙන්දේසි කරන ලද භාණ්ඩවල මිල පරාසය කුමක්ද?
මෙමගීන් සමාන භාණ්ඩ ලැයිස්තුගත කරන විට,ඔබේ අපේක්‍ෂාව සම්බන්ධයෙන් ඔබට හොඳ අවබෝධයක් ලැබේවි.
එවැනි භාණ්ඩයකට ලබා ගත හැකි ඉහලම විභව මිල කුමක්ද?
                                වර්ග පිටුවේ උඩටම යන්න.ලැයිස්තු වර්ග කිරීම සඳහා විවිධ පරාමිතීන් සහිත option එකක් ඔබට දකින්න ලැබේවි."මිල අනුව වර්ග කිරීම-ඉහලම මිල පළමුව" යන option එක තෝරාගන්න.ඉහලම මිලේ සිට අඩුම මිල දක්වා ඉදිරිපත් කරන භාණ්ඩ දකින්නට ලැබේවි.දැන් ඔබේ අපේක්‍ෂාව පිලිබඳ ඔබට හොඳ අවබෝධයක් තිබෙනවා.
පරණ බඩු විකීණීමෙන් පසු මොකද කරන්නේ?
                                නිවසේ ඕනෑම දෙයක් විකුණා අවසන් කිරීමෙන් පසුව ඔබේ අවධානය නිවසෙන් වෙනත් දිශාවකට යොමු කරන්න.ඔක්කොටම පස්සේ,නිවසින් තවදුරටත් භාණ්ඩ ලබාගත නොහැකි වුවත් ඔබේ e-Bay ක්‍රියාකාරකම් මගින් මුදල් ඉපයීම දිගටම පවත්වා ගෙන යන්න.වඩාත් වටිනා වටිනා භාණ්ඩ ලබා ගත හැකි තැන් කිහිපයකට උදාහරණ මෙන්න.
Garage sales - එකතු කල හැකි වටිනා ද්‍රව්‍ය අඩු මිලට ලබා ගැනීමට ඇති හොඳ ස්ථානයක්
කුඩා වෙළඳ පොළවල් - අමාරුවෙන් සොයා ගත හැකි භාණ්ඩ අඩුවට ලබා ගත හැකි හොඳ ස්ථානයක්
පාවිච්චි කරන ලද බඩු සහිත වෙළඳසැල් - සමහර පාවිච්චි කරන ලද බඩු සහිත වෙළඳසැල් ඉතා අඩු මිලට බඩු දෙනවා.
යහළුවන් හා පවුලේ සාමාජිකයින් - ඇයි ඔබේ යහළුවන් සහ පවුලේ සාමාජිකයින් මෙයට දායක කර නොගන්නේ? ඔබට පුළුවන් ඔවුන් සමග ආදායම 50/50 ගානේ බෙදා ගෙන ඔවුන්ව ඔබේ හවුල්කරුවන් ලෙස බඳවා ගන්න.
වැඩිමහල් අය සහ විශ්‍රාමිකයින් - බොහෝ වැඩිමහල් පුද්ගලයන් විශ්‍රාම ගැනීමෙන් පසුව අමතර ආදායම් මාර්ග පිළිබඳව ඉතා ආශාවෙන් සොයනවා.ගැටලුව වන්නේ,හොඳ ඉපයීම් විභවයක් සහ ඔවුන්ට අඩු අවදානමක් සහිත අවස්ථා ඉතා අඩු වීමයි. ඔබ,ඔබේ e-Bay ක්‍රියාකාරකම් මගින් ඔවුන්ට හොඳ මුදලක් උපයා ගැනීම සඳහා හොඳ අවස්ථාවක් සලසා දෙන්න.
මීට කලින් කාරණාවේ සාකච්ඡා කළ ආකාරයට ඔබට පුළුවන් 50/50 ගානේ ආදායම ඔවුන් සමග බෙදා ගනිමින් ඔවුන් ඉතා හිතවත් හවුල්කාරයන් බවට පත් කරගන්න.ඇත්තෙන්ම ඒක දෙගොල්ලන්ටම හිතකර අපූරු හවුල් ව්‍යාපාරයක් නෙවෙයිද?
ඈත්ව සිටිය යුතු ස්ථාන:-
පුරාවස්තු වෙළඳසල්
විශේෂ දේවල් විකුණන වෙළඳසල්
පෙර කාලවල විලාසිත අලුත් කර නිමවන ලද රෙදිපිළි සහිත වෙළඳසල්
ඇයි ඔබ මෙවැනි ස්ථානවලින් ඈත්ව සිටිය යුත්තේ?
                                ඔබේ සාර්ථකත්වය රඳවා පවතිනුයේ "අඩුවෙන් මිලදී ගන්න-වැඩියෙන් විකුණන්න" යන පැරණි (නමුත් සත්‍ය) ආදර්ශ පාඨය මතයි. වෙළඳසල් හිමිකරුවන් හා පුරාවස්තු ගනුදෙනුකරුවන් යනු මෙම ක්‍ෂේත්‍රයේ මෝරුන්. ඔබ ඔවුන්ගෙන් මිලට ගැනීමට අපේක්ෂා කරන ඕනෑම දෙයක් ඔවුන් ඔබට කැමැත්තෙන් විකුනාවි,නමුත් නියම මිලට නොවේ.(ඊට වැඩියෙන්ය.)එය ඔවුන්ට හොඳ ගනුදෙනුවක් විය හැකි අතර ඔබට නරක ගනුදෙනුවක්.
                                නොමිලේ හෝ ඉතා අඩු මිලකට භාණ්ඩ ලබා ගත හැකි තැන් සමග ඔබ දිගටම සම්බන්ධතාවය පවත්වාගෙන යන්න. ඔවුන් තරමක් වැඩි මුදලට විකුණනවා යැයි සිතා මිල අධික භාණ්ඩ මිලදී ගැනීමට පෙලඹෙන්න එපා.

0 Comments:

Post a Comment

GENRES

Facebook